කාබුල් ජාතික කෞතුකාගාරයේ ඇති බුද්ධ පාත‍්‍රය ලබාගැනීම ට ඉන්දියාව සැරැසෙයි.
ඉන්දීය පුරාවිද්‍යා සමීක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යාඥයන් පිරිසක් මෙම මස අගදී ඇෆ්ඝනිස්ථානය බලා පිටත්වයෑමට නියමිතය.
පාත‍්‍රා ධාතුව නැවත ඉන්දියාවට ලබාගෙන බෞද්ධ බැතිමතුන්ගේ වන්දනාවට පාත‍්‍රවන බිහාර් ප‍්‍රාන්තයේ වෛශාලියෙහි තැන්පත් කළයුතු බවට රාෂ්ටි‍්‍රය ජනතා දාල් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රඝුවනාෂ් ප‍්‍රසාද් සිං ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කරයි.
ගෞතම බුදු රජාණන් වහන්සේ විසින් තමන්වහන්සේ පාවිච්චි කළ පාත‍්‍රා ධාතුව වෛශාලි ජනපද වැසියන්ට පරිත්‍යාග කර ඇති බවත් දෙවැනි සියවසේදී උතුරු ඉන්දියාව පාලනය කළ රජකු විසින් පසුව එය වර්තමාන පාකිස්ථානයේ පෙෂාවර් ප‍්‍රදේශයට ගෙන යනු ලැබ ඇති බවත් ඉන්දීය පුරාවිද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.