රවින්ද්‍ර ජදේජාගේ (36/5) විශිෂ්ට පන්දු යැවීමත් ශිකාර් ධවාන්ගේ (නොදැවී 102) ශතකයත් නිසා ලන්ඩන් ඕවල් පිටියේදී අද (11 වැනිදා) පැවැති ශූරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් පිල කඩුලූ 8 කින් පරාජය කරමින් පහසු ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 234 ක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම ඕවර 39.1 ක් අවසානයේදී කඩුලූ 8 කට ලකුණු 236 ක් ලබා සිය ඉලක්කය කරා අවතීර්ණ වූයේ තරගාවලියේ අවසන් පූර්ව වටයටද සුදුසුකම් ලබාගනිමිනි. ඉන්දීය පිල මේ වනවිට දකුණු අපි‍්‍රකානු පිල සහ කොදෙව් පිල පරාජය කරමින් ජයග‍්‍රහණ දෙකක් ලබා සිටී.
ඉන්දීය පිල වෙනුවෙන් පිට පිටම දෙවැනි ශතකයත් ලබාගත් ශිකාර් ධවාන්, පන්දු 107 කට මුහුණ දෙමින් සිය ශතකයට හතරේ පහර 10 ක් සහ හයේ පහරක්ද ඇතුළත් කළේය.
තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 109 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ ධවාන් සහ දිනේෂ් කාර්තික් කිසිදු අපහසුතාවකින් තොරව තම පිල ජයග‍්‍රහණය කරා කැඳවාගෙන ගියහ. හතරේ පහර 8 කින් සිය ඉනිම අලංකාර කළ දිනේෂ් කාර්තික්, පන්දු 54 කට මුහුණ දෙමින්ලකුණු 51 ක් ලබාගත්තේය.
වමතින් දග පන්දු යවන කී‍්‍රඩක රවින්ද්‍ර ජදේජා කොදෙව් පිලට තර්ජනයක් වූ නමුත් සටන්කාමී පිතිහරඹයක නිරත වූ ඩැරන් සැමීගේ අර්ධ ශතකය නිසා කොදෙව් කී‍්‍රඩකයෝ නියමිත ඕවර 50 නිමාවේදී කඩුලූ 9 ක් දැවී ලකුණු 233 ක් ලබාගත්හ.
ඉනිමේ නිමාවට ඕවර 5 ක් මෑතින් සිටියදී, ලකුණු 182 කට කඩුලූ 9 ක් බිඳ වැටීමෙන් අසරණව සිටි කොදෙව් පිලට නොතිබූ බලාපොරොත්තුවක් ගෙන දීමට කොදෙව් පිලේ හිටපු නායක ඩැරන් සැමී සහ කෙමර් රෝච් සමත් වූහ. මෙම පිතිකරුවන් දෙදෙනා ඉනිමේ අවසන් පන්දු 27 කින් ලකුණු 51 ක් උදුරා ගැනීමට සමත් වූ නමුත් එම ලකුණු 51 න් කෙමර් රෝච් ලබාගත්තේ එක ලකුණක් පමණි. ඉතිරි ලකුණු 50 ටම දායකත්වය දැරූ ඩැරන් සැමීගෙනි.
කෙසේ වෙතත් සෙසු පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හේතුවෙන් සැමීගේ උත්සාහය අපතේ ගියේය.
පන්දු 35 කට මුහුණ දුන් සැමී අලංකාර හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකු-ණු 56 ක් ලබාගත්තේය. ඩැරන් සැමීට කොදෙව් පිලේ නායකත්වය මෙන්ම කණ්ඩායමේ සාමාජිකත්වයද අහිමි වූ නමුත් ඔහු අද තරගයට කී‍්‍රඩා කළේ ඩිනේෂ් රැම්ඞීන් තරග තහනමකට ලක්වූ හෙයිනි.
කාසියේ වාසිය දිනාගත් ඉන්දීය පිල පළමුවෙන් පන්දු යැවීම තෝරාගත් අතර මුලූ ලකුණු සංඛ්‍යාව 25 ක් වෙද්දී කොදෙව් පිලේ ප‍්‍රබලතම පිතිකරුවා වන කි‍්‍රස් ගේල් පිටියෙන් ඉවත් කිරීමට බුවනේෂ්වර් කුමාර් සමත් විය. පන්දු 18 කට මුහුණ දුන් ගේල් හතරේ පහර 4 ක්ද සමගින් ලකුණු 21 ක් ලබා සිටියදී පිත්තේ පිටත දාරයේ වැදී ඉහළ ගිය පන්දුව පළමු ස්ලිප් සිටි උස කී‍්‍රඩකයකු වූ රවිචන්ද්‍රන් අශ්වින් විසින් පහසුවෙන්ම රැකගන්නා ලදි.
කෙසේ වෙතත් ගේල්ගේ සහායක ආරම්භක පිතිකරුවා වූ ජොන්සන් චාල්ස් පන්දු 55 කට මුහුණ දෙමින් හතරේ පහර 7 ක් සහ හයේ පහර දෙකක් සමග ලකුණු 60 ක් ලබාගත් හෙයින් 25 වැනි ඕවරය වන විට කොදෙව් පිලට තරමක් හිස එසවීමට හැකිවිය.
එසේ වුවත් 34 වැනි ඕවරයේ සිට ඕවර 11 කදී ලකුණු 42 කට කොදෙව් කඩුලූ 5 ක් දවාගත් ඉන්දීය පන්දු යවන්නෝ කොදෙව් පිල නැවතත් අමාරුවේ දැමූහ. රවීන්ද්‍ර ජදේජා, නිලකුණු ඕවර 2 ක් ද සමගින් ලකුණු 36 කට කඩුලූ 5 ක් දවාගැනීමට සමත් විය.
ලකුණු පුවරුව
ඉන්දියා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම
බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් ඉනිම
ක‍්‍රිස් ගේල් - ඇ. අශ්වින් ප. කුමාර් 21
ජොන්සන් චාිල්ස් - ක.මු.කළා ප. ජදේජා 60
ඩැරන් බ‍්‍රාවෝ - ස්ට. දෝනි ප. අශ්වින් 35
මාලන් සැමුවෙල්ස් - ක.මු.කළා ප. ජදේජා 1
රැුම්නරේෂ් සර්වාන් - ඇ. දෝනි ප. ජදේජා 1
ඞ්වේන් බ‍්‍රාවෝ - ඇ. ජදේජා ප. යාදව් 25
කරන් පොලාඞ් - ඇ. කුමාර් ප. ඉෂාන්ත් ශර්මා 22
ඩැරන් සැමී - නොදැවී 56
සුනිල් නරේන් - ඇ. කාර්තික් ප. ජදේජා 2
රවී රාම්පෝල් - ප. ජදේජා 2
කෙමාර් රෝචි - නොදැවී 0
අතිරේක 8
එකතුව ඕවර 50 කදී කඩුලූ 9ක් දැවී 233
කඩුලු වැටීම : 1-25, 2-103, 3-105, 4-109, 5-109, 6-163, 7-171, 8-171, 9-182
පන්දු යැවීම : බුවනේශ්වර් කුමාර් : 8-0-32-1, උමේෂ් යාදව් : 9-0-54-1, ඉෂාන්ත් ශර්මා : 10-1-43-1, රවිචන්ද්‍රන් අශ්වින් : 9-2-36-1, විරාට් කෝලි : 4-0-26-0, රවින්ද්‍ර ජදේජා : 10-2-36-5
ඉන්දියා කණ්ඩායම් ඉනිම
රෝහිත් ශර්මා - ඇ. චාල්ස් ප. නරේන් 52
ශීකාර් ධාවන් - නොදැවී 102
විරාට් කෝලි - ප. නරේන් 22
දිනේශ් කාර්තික් - නොදැවී 51
අතිරේක 9
එකතුව ඕවර 39.1 කදී කඩුලූ 2ක් දැවී 236
කඩුලු වැටීම : 1-101, 2-127
පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ : මහේන්ද්‍ර සිං දෝනි, රවිචන්ද්‍රන් අශ්වින්, රවින්ද්‍ර ජදේජා, බුවනේශ්වර් කුමාර්, සුරේෂ් රයිනා, ඉෂාන්ත් ශර්මා, උමේෂ් යාදව්
පන්දු යැවීම : කෙමාර් රෝචි : 6-0-47-0, රවී රාම්පෝල් : 6-0-28-0, සුනිල් නරේන් : 10-0-49-2, ඩැරන් සැමී : 4-0-23-0, ඞ්වේන් බ‍්‍රාවෝ : 5-0-36-0, මාලන් සැමුවෙල්ස් : 4-0-17-0, ක‍්‍රිස් ගේල් : 1-0-11-0, කරන් පොලාඞ් : 3.1-0-21-0