ඉන්දියාව එරෙහි වෙයි
ඇමෙරිකාව ගෙන ආ යෝජනාවට ඉන්දියාව ජිනීවා නුවරදී ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්ද දුන්නේය. ඇමෙරිකා යෝජනාවේ හරය වනුයේ කොටි සංවිධානය සමග 26 වසරක් පැවැති යුද්ධයේදී සිදු වි යැයි කියන අපරාධ නිසි ලෙස විභාග කරන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටීමයි. චීනය හා රුසියාව ඇමෙරිකා යෝජනාව ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ රටක අභ්‍යන්තර ගැටළුවලට ඇඟිලි ගැසිමෙන් සංහිඳියා ක්‍රියාවලිය අවහිර වන බවයි. බංගලිදේශය, කියුබාව, තායිලන්තය, පිළිපීනය හා නයිජිරියාව ද යෝජනාවට විරුද්ධවු අතර කිර්ගිස්ථානය ඡන්දය දීමෙන් වැළැකි සිටියේය. උරුගුවේ රාජ්‍යය ඇමෙරිකාව සමග ඡන්ද දුන්නේය.

