ඉන්දියාව 3-2 කින් එංගලන්තය පරදවයි


එංගලන්තය සහ ඉන්දියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අද (27) පැවැති පස්වැනි සහ අවසන් තරගයෙන් එංගලන්තය කඩුලූ 7 ක ජයක් ලැබූව ද, සත්කාරක ඉන්දියාව 3-2 ක් ලෙස තරගාවලියේ ජය හිමිකර ගත්තේය.

සුරේෂ් රයිනා තරගාවලියේ වීරයා ලෙස ද, ඉයන් බෙල් තරගයේ වීරයා ලෙස ද සම්මාන ලැබූහ.

ඉන්දියාව  ඕවර 49.4 කදී 226

(ගෞතම් ගාම්බීර් 24, සුරේෂ් රයිනා 83, රවින්ද්‍ර ජඬේජා 39, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් 19, බුවනෙෂ්වර් කුමාර් 31, ස්ටීව් ෆින් 27/2, ටිම් බ්‍රෙස්නන් 45/4, ජේම්ස් ටෙ‍්‍රඞ්වෙල් 25/2)

එංගලන්තය  ඕවර 47.2 කදී කඩුලූ 3 ට 227

(ඇලෙස්ටියාර් කුක් 22, ඉයන් බෙල් නොදැවී 113, ජෝයි රූට් 31, එවොයින් මෝගන් නොදැවී 40)