පසුගියදා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්දියානු රුපියල් 500 හා රුපියල් 1,000 නෝට්ටු අවලංගු වන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ප්‍රකාශයට පත්කරන ලදී.ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් ගන්නාලද මෙම තීරණය හේතුවෙන් එරට නීත්‍යානුකූල නොවන ක්‍රමවලින් මුදල් ඉපයූවන්ට ප්‍රබල පහරක් එල්ල වී ඇතැයි වාර්තා වේ.ඉන්දීය අගමැති මෝදි පවසන පරිදි කළු සල්ලි ජාවාරම්වලට වැට බැඳීම, ව්‍යාජ මුදල් නෝට්ටු හා දූෂණ වැළැක්වීම මෙම පියවරෙහි මූලික අරමුණ වී තිබේ.
මේ ක්‍රියාමාර්ගය සඳහා බොලිවුඩයේ බොහෝ නළු නිළියන් ප්‍රසාදය පළකර තිබේ. ශාරුක් ඛාන් සඳහන් කරන්නේ මෙම ක්‍රියාමාර්ගය ඉතාමත් සාර්ථක බවත්, මේ ක්‍රියාව ඔස්සේ පගාගැනීම වැනි ක්‍රියා ඉබේම නතර වන බවයි. ඊට අමතරව ශාරුක් ඛාන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිටසිය ප්‍රසංශා එක්කොට ඇති බවද ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි. මීට අමරතව දීපිකා පදුකෝන්, සල්මන් ඛාන්, ආලියා බාට්, කරන් ජොහාර් ඇතුළු තවත් සුප්‍රසිද්ධ නළු නිළියක් කිහිපදෙනකුද මේ සඳහා සිය කැමැත්ත පළකර තිබෙන බව සඳහන් වෙයි.