(ෂේන් සෙනෙවිරත්න)
ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහා කෝමසාරිස් සන්තොස් ජා මහතා මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් සමග විශේෂ සාකච්ඡාවක නිරත විය.
මාධ්‍යට විවෘත නොවූ එම සාකච්ඡාව මල්වතු මහානා හිමියන් සමඟ පැයක පමණමණ කාලයක්ද අස්ගිරි මහානා හිමියන් සමඟ විනාඩි පහළොවක් පමණ ද සිදුව තිබේ.
මල්වතු මහ නා හිමියන් සමඟ පැවති සාකච්ඡාවෙන් පසු එලියට පැමිණි ඉන්දියානු මහ කොමසාරිස්වරයා මාධ්‍ය හමුවේ පවසා සිටියේ දෙරට අතර බුද්ධ දර්ශනය ප්‍රචලිත කිරීම සම්බන්ධයෙන් හා ඉන්දීය රජය විසින් මීට පෙර ලබාදී තිබූ පාලි භාෂාව වැඩිදුර අධ්‍යයනය කිරීම මෙරට පිරිවෙන් වලට ලබා දී තිබූ පහසුකම් සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි.
ඉන්දියානු රජයේ ආධාර වලින් සිද්ධස්ථාන වලට විදුලිය ලබාදීම සඳහා සවිකල සූරිය පැනල ව්‍යාපෘතිය සම්බන්ධයෙන්ද සාකච්ඡා කළ ඉන්දීය මහ කොමසාරිස්වරයා පැවසීය.
මෙම අවස්ථාවට මහනුවර ඉන්දියානු සහකාර මහ කොමසාරිස් සාරණ්‍යා වී.එස්. මහත්මිය ඇතුළු මහනුවර ඉන්දියානු සහකාර මහකමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සහ නිලධාරිණියන් පිරිසක් ද සහභාගි වූහ.