ඉන්දියානු බැතිමතුන්ට ධීවරයෝ බාධා කරති


(සන්ඩේ ටයිම්ස් ඇසුරිනි - 042)
 
කච්චතිව් දෙව්මැදුරේ පැවැත්වෙන දේව මෙහෙයට සහභාගී වීම සඳහා පැමීණීමට සිටි ඉන්දියානු බැතිමතුන්ට එරට ධීවර සංගම් බාධා කර ඇති අතර ඔවුන්ට කච්චතිව් දූපතට පැමිණීමට බෝට්ටු දීම ප්‍රතික්ෂේප කර ඇත.
 
ඉන්දියානු ධීවරයකුට වෙඩි තැබීමේ සිද්ධියට විරෝධය පළකරමින් මෙසේ කර ඇතැයි වාර්තා වේ.
 
තමිල්නාඩු බැතිමතුන් දහස් ගණනක් ප්‍රවාහන පහසුකම් නොමැතිව සිටින බවට රාමේෂ්වරන් හී පූජකවරයකු කච්චතිව් දේවස්ථානයට දැනුම් දී ඇත.
 
ඊයේ(11) පසවරු 5.00 වන තෙක් කිසිම බෝට්ටුවක් නොපැමිණි බවත් සාමාන්‍යයෙන් පස්වරු 4.00 වන විට බැතිමතුන් රැගත් බෝට්ටු පැමිණෙන බවත් කච්චතිව් දේවස්ථානයේ මීසම් පාලක ජෙයරන්ජන් මහතා පැවසීය.

ඉන්දීය ධීවරයාට වෙඩිතැබීමේ සිද්ධියට එරට ධීවර සංගම් ශ්‍රී ලංකා නාවික හමුදාවට චෝදනා කරන අතර නාවික හමුදාව එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව නාවික හමුදාව කීවේය.

ඉන්දීය ජාතිකයින් 5000කට වඩා මෙම උත්සවයට සහභාගී වීමට ලියාපදිංච් වී සිටිති. ඉන්දීය හා ශ්‍රීලංකාවේ බැතිමතුන් 9000ක් පමණ එතියි විශ්වාස කළ බවත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සූදානම් කළ බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක චමින්ද වලාකුළුගේ මහතා පැවසීය.