ඉන්දියා හොර සල්ලි සමග ලංකාවෙ දෙන්නෙක් රිමාන්ඩ්


ඉන්දියා රුපියල් පන්සියයගේ හොර නොට්ටු 587ක් සමග අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබූහ.

මරදානේ මොහොමඩ් මුහබ්දීන් හා අබ්දුල් වහාබ් රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගත් බවත්, තවත් පාකිස්තානු ජාතිකයකු ද අත්අඩංගුවට ගැනීමට සිටින බවත් රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

පකිස්තාන ජාතිකයා රටින් පිටවීම වළක් වන ලෙස ආගමන විගමන පාලකට නියෝගයක් ද නිකුත් කළේය.