ඉන්දියාවේ සිරගත කැර සිටින ශ්‍රී ලාංකික ධිවරයින්ට ලැබෙන අල්ප පහසුකම් වලට එරෙහිව උපවාසයේ යෙදීමට තමන් සුදානම් යැයි ත්‍රිකුණාමලයේ රඳවා සිටින ඉන්දියා ධිවරයෝ 142 ක් තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතාට ලිපියක් යවමින් කියති.
බන්ධනාගාර කොමසාරිස් මගින් මේ ලිපිය ඔවුන් යවා ඇත.
ශ්‍රී ලංකාවේ සිර ගෙදරදී තමනට මුලික පහසුකම් හා දුරකතන ඇමැතුම් සලසන බවත් එහෙත් එම තත්ත්වය ඉන්දියාවේදී ශ්‍රී ලාංකික සිරකරුවන්ට නොලැබෙන බවත් ඔවුහු කියති.
හුවමාරු ක්‍රමය යටතේ දෙරටේ ධිවරයන් හා යාත්‍රා මුදා හරින්නැයිද ඔවුහු ජයලලිතාගෙන් ඉල්ලති.