ඉන්දියා සුරූපිනියෝ පිඹුරු සුරතල් බලති


 

දිවයිනට පැමිණි ‘ෆෙමිනා මිස් ඉන්ඩියා 2014‘  රූ රැජින තරගාවලියේ අවසන් වටයේ සුරූපී ඉන්දියා යුවතියෝ අද  ගාළු නගරය නැරඹූහ.

ඔවුහු ගාලූ කොටුවටද,  ගාලූ ප්‍රදීපාගාරයටද ගියහ.

ගාළු කොටුවේදී පිඹිරෙකු රැගෙන විත් සිටි නයි නටවන්නෙකු දුටු  මෙම යුවතියෝ  එහි ගොස් පිඹුරා අතට ගෙන  සුරතල් කළහ.

හෙට දින මොවුහු බෙන්තොට  යාමට නියමිත අතර එහිදී අංගම් පොර සටන් ක්‍රීඩා කිරමට සහ ජල ක්‍රීඩා තරග කිහිපයක  යෙදීමටද නියමිතය.

  සිනමන්  රෙසෝට් හොටෙල් ඇන්ඩ් රෙසෝට් සමාගම මේ සඳහා සියලු පහසුකම් සපයයි.