ඉන්දියා සංචාරකයෝ නිදහස්


සංචාරක වීසා මගින් මෙරටට පැමිණ රෙදිපිළි අලෙවි කළැයි පොලිසියෙන් අත්අඩංගුවට ගත් ඉන්දියා ජාතිකයෝ සිව් දෙනෙක් කල්මුණේ මහේස්ත්‍රාත් ඒ යුඩ්සන් මහතා විසින් නිදොස් කොට නිදහස් කරනු ලැබූහ.

ඔවුන් සතුව තිබී පොලිස් භාරයට ගත් ලක්ෂ 90ක පමණ රෙදි පිළි නැවත භාර දෙන ලෙස ද මහේස්ත්‍රාත් නියෝග කළේය.