ඉන්දියා ශ්‍රී ලංකා ධීවර ගැටුමක් මහ මුහුදේ


ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ඉන්දියා ධීවරයන් පිරිසක් ශ්‍රී ලංකා බෝට්ටුවකට පහර දී බෝට්ටු දෙකක් ඉන්දියා මුහුදු සීමට ඇදගෙන යෑමට සැරසෙතියි  ශ්‍රී ලාංකික ධීවරයන් කල්පිටිය බහුදින ධීවර යාත්‍රා සභාපති ඇන්ටන් කුසුම් රෙක්ස් මහතාට මින් මද වේලාවකට කලින් ගුවන් විදුලි පණිවුඩයකින් දැන්වීය.

නාවික හමුදාවේ ඩෝරා යාත්‍රා දෙකක් එම ස්ථානය බලා පිටත්ව ගියේය.

ඔහු ඒ ගැන කල්පිටිය විජය ධීවර හමුදාවට හා ධීවර අධ්‍යක්ෂකට දන්වා ඔවුන් බේරා ගන්නා ලෙස ඉල්ලා සිටියේය.

ලාංකික ධීවරයන් දන්වා ඇත්තේ කඩු මුගුරු ඇතුළු අවි රැගත් පිරිසක් අක්ෂාංශ 0.847420 හා දේශාංශ 7925950 සීමාවේදී ඉන්දියා ධීවරයන් පහර දුන් බවයි.