ඉන්දියා වෙළෙන්දා කටුනායකදී හරවා යවයි
වීසා නොමැතිව මෙරට රැදී සිට පිටුවහල් කළ ඉන්දියන් ජාතිකයෙකු සූක්ෂම ලෙස යලි ශ‍්‍රී ලංකාවට ඇතුලූවීමට ගත් උත්සාහයක් වලැක්වූ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආගමන විගමන නිලධාරීහු ඔහු පැමිණි ගුවන්වානයෙන්ම ආපසු හරවා යැවීමට කයයුතු කළහ.
ආගමන විගමන පාලක ජනරාල් චූලානන්ද පෙරේරා මහතා පැවසූවේ මොහු පසුගිය වසරේ සංචාරක වීසා රැගෙන රෙදි වෙළදාම සඳහා මෙරටට පැමිණ වීසා ඉක්මවූ පසුත් මෙරට රැදී සිටි පුද්ගලයෙකු බවත් ඔහු ආපසු ඉන්දියාවට යන අවස්ථාවේදී මෙරට වැඩිපුර රැදී සිටි කාලය සඳහා ගෙවිය යුතු ගාස්තු මුදල්ද නොගෙවා පිටත්ව ගොස් ඇති බවය.
ඔහු යලිත් ඊයේ අළුයම ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 122 දරණ ගුවන්යානයෙන් ඉන්දියාවේ මදුරාසි නුවර සිට මෙරටට පැමිණ ඇත. පසුව කිසිත් නොදන්නා අයුරින් ආගමන විගමන අංශයට පැමිණ සිටියදී පැමිණීමේ පර්යන්තය භාරව කටයුතු කළ ප‍්‍රධාන ආගමන විගමන නිලධාරීන් වන ජයන්ත රත්නායක මහතා සහ ශ‍්‍රී ස්කන්ධ රාජා යන මහත්වරුන් විසින් ආගමන විගමන පාලක ජනරාල්වරයා විසින් ලබා දුන් උපදෙස් මත මෙසේ ආපසු හරවා යවා ඇත.
.