ඉන්දියා වකුගඩු ලංකාවේදී විකිණේ ?


ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගනිමින් සිදුවන වකුගඩු ජාවාරමක් ගැන ඉන්දියාවේ මාධ්‍ය හෙළිකළේය.

මෙම වකුගඩු ජාවාරමට සම්බන්ධ මුල් පෙලේ පුද්ගලයෙකු මහාරාෂ්ඨ ප්‍රාන්තයේ අකොලා පොලිසිය අත්අඩංගුවට ගැනීමත් සමග මෙහි සුලමුල හෙළිව අැත.

දුගී ඉන්දියා ජාතිකයින් ශ්‍රී ලංකාවට රැගෙන ගොස් මුදලට වකුගඩු ලබා ගන්නා බවත් එසේ මුදලට වකුගඩු විකිණූ පුද්ගලයින් පස් දෙනෙකු සොයා ගත් බවත් අකොලා පොලිසිය පවසයි.

මාධ්‍යට අදහස් දැක්වූ උසස් පොලිස් නිලධාරියෙකු කියා සිටියේ  මේ පිළිබඳව සොයා බැලීම ශ්‍රී ලංකා රජයේ ද වගකීම බවයි.