ඉන්දියා රූපවාහිනිය කොටියාට කඩේ යයි


චෙන්නායි හි දී ඉකුත් දා පැවති  ශ්‍රී ලාංකා විරෝධී  උද්ඝෝෂණයක දී  පෙන් වු ඇතැම් දර්ශන කොටි සංවිධානයේ  ඝාතන බව ද    ශ්‍රී ලංකා හමුදාව එම ඝාතන සනාථ කළ බවට එන්.ඩී.ටී.වී . නාළිකාවෙන්  පැවසුව ද ඒ ගැන  විරෝදය පළ කළ බව ද  විදේශ අමාත්‍යංශය එම නාලිකාවට දැන්වීය.

 නවදිල්ලියේ  ශ්‍රී ලංකා මහ කොමසාරිස්  ප්‍රසාද් කාරියවසම්  මහතා  ඉන්දීය එන්.ඩී.ටී.වී. නාලිකාවේ  ප්‍රධානීන්ට  එම විරෝදය පළ කළේය.

 කැබිතිගොල්ලෑව  බස් බොම්බ ප්‍රහාරයෙන්  මිය ගිය ගිය දරුවා  බදා ගෙන හඩා වැලපෙන   පියාගේ ඡායාරූපය  පෙන් වු එම නාලිකාව ශ්‍රී ලංකා රඡය විසින් කැරුණු සනාථයක් ලෙස එය ඉදිරිපත් කළේය.