තමන් ශී‍්‍ර ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුට සහභාගී වන්නේ දැයි මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ඉන්දීය අගමැති මන්මෝහන් සිං දකුණු ඉන්දියාවේ දේශපාලන නායකයන්හට ලිපි මගින් දැනුම් දී ඇතැයි වාර්තා වේ.
මන්මෝහන් සිං ගේ මෙම ලිපි ගනුදෙනුව පිටුපස ඇත්තේ ළග ළග එන ඉන්දීය මහ මැතිවරණය බව දේශපාලන විචාරකයන්ගේ අදහසයි.
දැනට බලයේ සිටින ඉන්දීය කොංග‍්‍රස් පක්ෂය තනි පක්ෂයක් නොවේ. අතර එය පක්ෂ රාශියක එකතුවකි.මෙම පක්ෂ අතුරින් ඉහළ ඡන්ද පදනමක් තිබෙන්නේ දකුණු ඉන්දියාවේ දේශපාලන පක්ෂවලටය.
දකුණු ඉන්දියාව යනු ශී‍්‍ර ලංකාව හා නිතරම අරෝවන් ඇති කරගන්නෙකි.දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ශී‍්‍ර ලංකාව උල්ලංඝණය කරන්නෙයැයි ද යුධ සමයේදී දෙමළ ජාතිකයින් හට සිදුවූයේයැයි කියන අකටයුතුකම් ගැන ශී‍්‍ර ලංකාව නිසි පරීක්ෂණයක් මෙතෙක් නොපවත්වා ඇතැයිද නිරන්තරයෙන් චෝදනා කිරීම දකුණු ඉන්දියාවේ දේශපාලන නායකයින්ගේ පුරුද්දය.මෙම ප‍්‍රකාශ ඡුන්ද ගුණ්ඩුද නැත්නම් තම සහෝදර දෙමළ ජනතාව වෙනුවෙන් හදපත්ලෙන්ම නගින හැගීම්ද යනු දන්නේ ඔවුන්ම පමණි.
මෙම දේශපාලඥයින් ශී‍්‍රලංකාවට චෝදනා කිරීමෙන් නොනැවතී ඊළගට ඇගිල්ල දිගු කරන්නේ ඉන්දීය රජයටය.රජයට නැගෙන චෝදනා වලට උත්තර බදින්නට සිදුව ඇත්තේ මන්මෝහන් සිංටය.
මන්මෝහන් සිං මත පැටවී ඇති පීඩනය තවත් වැඩි කරමින් දකුණු ඉන්දියාවේ ඉහළම ඡන්ද පදනමක් ඇති ඞී.එම්.කේ පක්ෂය කොංග‍්‍රස් ආණ්ඩුවෙන් ඉවත්වූයේ මෙකී ශී‍්‍ර ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටලූව මුල් කරගෙනය.එහි නායක එම්.කරුණානිධි පැවසුවේ ඉන්දියාවට ශී‍්‍ර ලංකාව හා හිතවත්කම් පවත්වාගත හැකි වාතාවරණයක් නොමැති බවයි.තම සහෝදර ජනතාවට සිදුවන ආසාධාරණකම් වලට ඉන්දීය රජයද සහය දෙන බවක් පෙනෙන්නට ඇති බැවින් මෙසේ තම පක්ෂය ආණ්ඩු පක්ෂ සන්ධානයෙන් ඉවත්වන බව හෙතෙම ඉවත්වන මොහොතේදී කීවේය.
මෙම දේශපාලන පීඩනය හමුවේ ආණ්ඩු පක්ෂයේ සභිකයින් සනසනවා මිස මන්මෝහන් සිං හට වෙන කරන්නට දෙයක් නොමැති බව දේශපාලන විචාරකයින් පෙන්වා දේ.ඡන්ද දායකයින් හා දේශපාලනඥයින් අමතක කර ශී‍්‍ර ලංකාවේ සමුළුවට සහභාගී වී ඡන්ද පදනම අහිමි කරගන්නවාද නැත්නම් ඔවුන් කියනා ලෙසට සමුළුව වර්ජනය කරනවාද යන ගැටළුවේ ඉන්දියා අගමැතිවරයා පැටලී සිටන බවක් පෙනෙන්නට ඇතැයි දේශපාලන විචාරකයින් පවසයි.
සමුළුවට සහභාගී නොවී සිටිය හැකි මුත් මන්මෝහන් සිං සමුළුවට සහභාගී වීමට පෙළඹවාලන ප‍්‍රබල සාධකයක් ඇත.ඒ ශී‍්‍ර ලංකාව හා චීනය අතර දිගින් දිගටම වර්ධනය වෙමින් පවතින සම්බන්ධතාවයි.දැන් චීනයට ශී‍්‍ර ලංකාවේ ඇති තැන මින් පෙර හිමිව තිබුණේ ඉන්දියාවටය.නමුත් දැන් ශී‍්‍ර ලංකාව දෙපයින් නැගී සිට තමන්ට අවැසි පරිදි තීරණ ගන්නා සෙයක් පෙනෙන්නට ඇති බැවින් ශී‍්‍ර ලංකාව තමන්ගේ පාලනයෙන් ‘‘ගිලිහී‘‘ ඇති බවක් ඉන්දියාවට පෙනීම ස්වභාවිකය.මෙයත් ආසියාවේ රටවල් හා විවිධ සබදතා ඇති කරගනිමින් බලවත් වන චීනයත් දකුණු ආසියාවේ බලවතා වන ඉන්දියාවට පැහැදිලිවම තර්ජනයකි.මෙනිසා තමන්ට තවමත් ශී‍්‍ර ලංකාව තම මතයට නම්මා ගත හැකියැයි සියල්ලන් හමුවේ පෙන්වීමට ඉන්දීය අගමැතිවරයා සමුළුවට පැමිණේයැයිද අපේක්ෂා කළ හැකිය.
මානව හිමිකම්,අන් ජාතීන්ට නොසැළකීම්,සමුළුව වර්ජනය කිරීමට සැරසෙන්නන්ගේ චෝදනා,යන සියල්ලට හොද පිළිතුරක් ලබා දීමට ශී‍්‍ර ලංකාවේ බළධාරීන් පසුගියදා කටයුතු කර තිබුණි.විදෙස් මාධ්‍යයන්ට අදහස් දක්වමින් ඔවුන් පවසා තිබුණේ ශී‍්‍ර ලංකාව මානව හිමිකම් සුරකින්නේ නැතැයි ඒ සදහා කළ යුතුදේ මේවායැයි ලෝකයටම අඩබෙර ගසා කියන පුද්ගලයින්ගේ උපදෙස් තමන්ට අවශ්‍ය නොවන බවයි.දශක 3 ක යුද්ධයකින් පසු නැගිටින්නට තැත් කරන තම රටේ ගැටළු පැවතිය හැකි බව තමන් ප‍්‍රතික්ෂේප කරන්නේ නැතැයි පවසා ඇති එම බළධාරීන් නිසැකවම එම ගැටළු විසදා ගැනීමට කටයුතු කරන බවත් එ සදහා කාලය අවශ්‍ය බවත් කියා ඇත.
පවතින තත්ත්වය හමුවේ ඉන්දියාව දැනට සමුළුවට සහභාගී වනවාද නැත්ද යන්න ගැන පැහැදිලි ප‍්‍රකාශයක් කර නොමැති අතර අගමැති මන්මෝහන් සිං මේ දිනවල යෙදී සිටින චීන සංචාරය අවසන් කර යළි ඉන්දියාවට පැමිණි පසු අවසන් තීරණය දැනුම් දෙනු ඇතැයි සදහන්ය.(ද ගාර්ඩියන් ඇසුරිනි)