ඉන්දියා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ඩල්බීර් සිං ආරක්ෂක අමාත්‍යංශයේ දී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හමු විය.
දෙරටේ ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා වූ වැදගත් අදහස් රාශියක් සාකච්ඡා කළ අතර, ඉන්දියා රජය මෙරට ආරක්ෂාව සම්බන්ධයෙන් ලබා දෙන සහයෝගය ගැන අමාත්‍යවරයා සිය ප්‍රශංසාව පුද කළේය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සහ ජනරාල් සිං සමරු තිලිණ ද හුවමාරු කර ගත්හ.






