ඉන්දියා ප්‍රහාරයෙන් ලක්ෂ 22ක් වතුරේ


ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ඉන්දියා ධීවරයන්ගේ ප්‍රහාරයට ලක්වූ බහුදින යාත්‍රාව කල්පිටි ජැටියට ගෙන එනු ලැබීය. එහි බඳ, සීත කාමරය හා පියස්සට ද හානි කර තිබිණි.

ඉන්දියා ධීවරයන් අපේ මුහුදට අවුත් දැල් කපා මාළු කොල්ලකතියි කල්පිටිය බහුදින යාත්‍රා සංගමයේ සභාපති ඇන්ටන් කුසුම් රෙක්ස් කියයි.

තම බෝට්ටුවට සිදුවූ පාඩුව රුපියල් ලක්ෂ පහලොවක් බවත් රුපියල් ලක්ෂ 7ක පමණ දැල් කපා ඇති බවත්, දෙවියන්ට කීම හැර කළ යුතු වෙනත් දෙයක් නැති බවත් බෝට්ටු හිමිකරු සුරේෂ් සංජීව පවසයි.