කල්පිටිය බත්තලන්ගුණ්ඩුවට කිලෝ මීටර් 10 යක් උතුරෙන් ශ්‍රී ලංකා මුහුදු සීමාව ආක්‍රමනය කළ බව කියන ඉන්දියා ධීවරයින් පිරිසක් ශ්‍රී ලංකා ධීවරයින්ගේ දැල් කපා ඇතැයිද ටෝලර් යාත්‍රා 20 කින් පමණ පැමිණි ඉන්දියා ධීවරයින් ශ්‍රී ලංකා ධීවරයින්ට පහරදීමේ සූදානමක් ඇතැයිද කල්පිටිය එස්. ප්‍රනානදු නම් ධීවරයෙක් ගොඩ බිමට දැන්වීය.
ඔහු ඉල්ලා සිටියේ ශ්‍රී ලංකා නාවික හමුදාව ධීවරයන්ගේ ආරක්ෂාව සලසනු ඇතැයි සිතන බවය.