ඉන්දියා ධීවරයෝ නිදහස ලබති


ශ්‍රී ලංකා මුහුදු සීමාවේ  හොරෙන් මාළු ඇල්ලීයැයි සැකපිට රිමාන්ඩ් කර සිටි ඉන්දියා  ධීවරයින්  දහසය දෙනා නිදහස් කරන්නැයි පුත්තලම  මහෙස්ත්‍රාත්  හේ.ශාන්ත ද මෙල් මහතා ඊයේ (11) නියෝග කළේය. නීතීපතී නියමයෙන් ඔවුහු නිදහස් කරනු ලැබුහ.

අත්අඩංගුවට ගත් බහු දින ධිවර යාත්‍රා තුන සමගින්  මෙම ඉන්දීය ධිවරයින්  පිරිස මුහුදු සීමාව කරා ඇරලවීමට ද කල්පිටිය විජය නාවික හමුදාවේ අණ දෙන නිළධාරයාට නියෝගයක් ද කැරිණි.