ඉන්දියා ධීවරයෝ උතුරු මුහුද හූරං කති


ඉන්දියාවේ ධීවරයන් තම මුහුදු සීමාවට පැමිණ මසුන් මැරීම හා ධීවරයනට බලපෑම් එල්ලවීම බහුල වශයෙන් ක්‍රියාත්මක වන නිසා යාපනය වැල්වැටිතුරේ හා පේදුරුතුඩුව ප්‍රදේශයේ ධීවර පවුල් දහසක් පමණ අසරණ වී ඇතැයි වැල්වැටිතුරේ ධීවර සංවිධාන එකමුතුව කියයි.

තමන්ට සිදුවී ඇති මෙම අසාධරණය පිළිබදව කිසිදු අයකුගේ නිසි අවධානය යොමු වී නැති බවත් මෙවර පළාත් සභා මැතිවරණයේදී මෙම ප්‍රශ්නයට විසදුමක් ලබා දෙන ඕනෑම දේශපාලන පක්ෂයකට තම සහයෝගය ලබා දීමට දීවරයන් තීරණය කැර ඇති බවත් ධීවර සංගමයේ සභාපති මුත්තු තම්බි කන්දසාමි මහතා පැවසීය.

වැල්වැටිතුරේ ප්‍රදේශයේ මැතිවරණ ව්‍යාපාරය පිළිබදව සොයා බැලීම සදහා මධ්‍යවේදීන් එහි ගිය අවස්ථාවේ මාධ්‍ය හමුවේ ධීවරයන් මේ බව සදහන් කළහ.

දිනපතා මුහුද මැදදී ඉන්දියා ධීවරයන් හා තම ධීවරයන් අතර ගැටුම් ඇතිවන බවත්, ඔවුන් තම ධීවර ආම්පන්න හා දැල් බෝට්ටු විනාශ කරන බවත් පැවසීය.

ප්‍රදේශයේ දේශපාලන අධිකාරියට , ආරක්ෂක අංශවලට මේ පිළිබදව දැනුම් දී ඇති බවත්, මෙතෙක් ඊට සාධාරණයක් ඉටු නොවීම නිසා සියලුම දේශපාලන සංවිධාන පිළිබදව ධීවරයන් දැඩි කළකිරීමකින් සිටින බවත් පැවසීය.

පැය ගණනාවක් මරුවා සමග මුහුදු සොරුන් සමග මුහුද මැද සටන් කර අවසානයේ දැරුවන් ජීවත්කරවා ගන්න මුදලක් සොයා ගැනීමට නොහැකි වීම නිසා මෙවර පළාත් සභා මැතිවරණයේදී තම සංවිධාන තීරණයකට එළඹෙන බව කීවේය.

මැතිවරණ ව්‍යාපාරයේ පෝස්ටර් ඇලවීම පමණක් දක්නට ඇති බවත් මෙතෙක් තම ප්‍රදේශයට අපේක්කයන් කිසිවෙක් නොපැමිණි බවත් ධීවරයෝ කීහ.