ඉන්දියා ධීවරයෝ 29ක් අත්අඩංගුවට


මෙරට මුහුදු සීමාවට අනවසරෙන් ඇතුළු වී මසුන් මරමින් සිටි බව කියන ඉන්දියා ධීවරයින් 29 දෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.

මන්නාරම් මුහුදේදී අත්අඩංගුවට ගෙන ඇති ධීවරයන්ගෙන් නව දෙනකු ට්‍රෝලර් යාත්‍රාවකින් පැමිණ ඇති බවත් නාවික හමුදාව පවසයි.

අනවසරයෙන් මෙරට මුහුදු සීමාවට ඇතුළු වී ඉන්දියා ධීවරයන් මසුන් මැරීම නිසා ලංකා ධීවරයෝ අපහසුතාවට පත් වෙති.