කල්පිටියේ සිට නාවික සැතපුම් විස්සක් ඈතින් ශ්‍රී ලංකා ධීවර යාත්‍රා පෙළකට ඉන්දීය ධීවර යාත්‍රා ප්‍රහාරයක් එල්ල වී ඇතැයි හදිසි ගුවන් විදුලි පණිවඩයක් කල්පිටියට ලැබී ඇත.
කල්පිටිය ධීවර යාත්‍රා සංගමය එය විජය නාවික හමුදාවට දැනුම් දී ඇත.
ශ්‍රී ලංකා ධීවර යාත්‍රා දහයකට ඉන්දියා ධීවර යාත්‍රා තිහක් පමණ වටකර ගෙන දැල් ඇතුළු ධීවර යාත්‍රා වලට හානි කර ඇතැයි ගොඩබිමට වාර්තා වී ඇත.