ඉන්දියා ධීවරයන් 126කට දීපවාලි පිහිටයි


මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දියා ධීවරයින් 126 අද (09) නිදහස් කරන බව ධීවර ඇමැති මහින්ද අමරවීර පවසයි.

බදාදාට (10) යෙදෙන දීපවාලී උත්සවය නිමිත්තෙන් මෙම පියවර ගෙන තිබේ. මොවුන් බහුතරයක් දෙනා තමිල්නාඩු ධීවරයින් වන අතර ඔවුන්ව වහා නිදහස් කරන ලෙස ඉල්ලා තමිල්නාඩු මහ ඇමති ජයලලිතා ජයරාම් මහත්මිය අවස්ථා කීපයකදීම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ගෙන් ඉල්ලා සිටියාය.

කෙසේ වෙතත් දෙරටේ විදේශ අමාත්‍යාංශ හා ධීවර අමාත්‍යාංශ අතර ඇති කර ගත් එකඟතාවයකට අනුව මෙම ධිවරයින් නිදහස් කෙරේ.ශ්‍රී ලාංකික ධීවරයින් 36 දෙනෙකු ද  ඉන්දීය අත්අඩංගුවේ පසුවෙන අතර ඔවුන්ද මීට සමගාමීව නිදහස් කෙරෙනු  ඇත.