ඉන්දියාවේ වෘත්තීය රාජකාරියකට ගිය ශ්‍රී ලාංකික පුවත්පත් කලාවේදීහු දෙදෙනෙක් මුම්බායි අන්තර් ජාතික ගුවන් තොටේ දී, ඉන්දියා ආගමන නිලධරයන්ගේ හිරිහැරවලට ලක්වූහ.
වලංගු වීසා හා සියලු ලියැවිලි තිබිය දීත් ඔවුහු රඳවාගෙන ප්‍රශ්න කිරීමට ලක් කරනු ලැබූහ.
ඩේලිමිරර් පුවත්පත් කලාවේදී ලක්මාල් සූරියගොඩ හා ඩේලි නිවුස් පුවත්පත් කලාවේදී සාරා පතිරණ පසුගිය පළමු වැනි දා ජෙට් එයාවේස් ගුවන් යානයෙන් මුම්බායි නුවරට ගියහ.
එහි ආගමන කවුන්ටරයේ දී ඔවුන් අත තිබූ ශ්‍රී ලංකා ගමන් බලපත්‍ර දුටු ආගමන නිලධාරිනියක ඔවුන්ගෙන් ප්‍රශ්න කළේ ඔවුන් කුමක් සඳහා පැමිණියේ ද යන්නයි.
ඔවුන් සිය ලියැවිලි ඇයට පෙන්වූ නමුත් ඇය ඉන් සෑහීමකට පත් නොවී ඔවුන් දෙදෙනා රඳවාගෙන, පසුව උසස් නිලධරයකු ඉදිරියට යොමු කළාය.
එම නිලධරයා ඔවුන්ගේ ලියැවිලි බලා ඔවුන් මුදා හළේය.

