ඉන්දියා අගමැති ලංකාවට නොඑන හේතු කියයි


පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගී වීමට නොහැකි බවට කනගාටුව පළ කර ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං මහින්ද රාජපක්ෂ ජනපතිට අද ලිපියක් එවීය.

මන්මෝහන් සිං අගමැති ශ්‍රී ලංකාවට නොයෑමට තමිල්නාඩුවේ බලපෑම ද, ප්‍රබල ඇමැතිවරුන් කිහිප දෙනකුගේ විරෝධය ද හේතු වන්නට ඇතැයි    ඉන්දියා විදේශ ඇමැති සල්මන් කුර්ෂිඩ් පැවසීය.

‘රාජ්‍ය ත්‍රාන්ත්‍රික ප්‍රශ්නවලදි බැරෑරුම් තීරණ ගන්න වෙනවා. අගමැති එවැනි තීරණයක් ගත්තා. ඊට සාධක කිහිපයක්ම හේතු වුණා. කවුරුන් හරිද කවුරුන් වැරදිද යන්න දිගටම ප්‍රශ්නයට ලක්වේවි.‘ යනුවෙන් ද ඔහු කීවේය.

‘ශ්‍රී ලංකාව සාර්ක් සාමාජිකයෙකි. අපේ අසල්වැසියෙක්. මම පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවට යනවා.‘ විදේශ ඇමැති මේ අදහස් දැක්වූයේ ඉන්දියාවේ හිංදු පුවත්පත හා එන්ඩීටීවී රූපවාහිනිය විසින් මතුකරන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.