
(යොහාන් භාසුර)
ඉන්දියානු නාවික හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදා 10 වැනි ද්විපාර්ශ්වික වාර්ෂික සමුද්‍ර අභ්‍යාස ‘ස්ලයිනෙක්ස් -2023’ මෙම මස 3 වැනිදා සිට 8 වැනිදා දක්වා කොළඹදී පැවැත්වේ.
මෙම අභ්‍යාසය අදියර දෙකකින් සමන්විත වන අතර එහි පළමු අදියර කොළඹ වරාය කේන්ද්‍ර කරගනිමින් මේ මස 3 වැනිදා සිට 5 වැනිදා දක්වා ද, දෙවැනි අදියර මේ මස 6 වැනිදා සිට 8 වැනිදා දක්වා කොළඹ මුහුදු තීරයට ඔබ්බෙන් වන මුහුදේදී ද පැවැත්වේ.


