අතුරුදන්වූ මැලේසියා ගුවන් යානයේ බවට සැකකර සුන්බුන් ගොඩබිමට රැගෙන ඒමට සැළසුම් කර ඇතැයි ඕස්ට්‍රේලියා බලධාරීන් පවසයි. නව නිරීක්ෂණ කලාපයෙන් මේ කොටස් සොයාගන ඉදිරි දින දෙකේදී ගොඩබිමට ගෙන ඒමට සැළසුම් කැර ඇත. ඕස්ට්‍රේලියාවේ හා චීනයේ නිරීක්ෂණ ගුවන් යානාවලට මුහුද මත පාවෙන සුන්බුන් කොටස් කිහිපයක් හමුවී තිබිණි. චීන හා ඕස්ට්‍රේලියානු නෞකා අද සුන්බුන් ඇති ස්ථානයට ළඟාවනු ඇතැයි බලාපොරොත්තු තබා ඇත. රවල් 10ට අයත් ගුවන් යානා දිගටම නිරීක්ෂණ කටයුතුවල යෙදී සිටියි. දැනට හුමවූ බව කියන සුන්බුන් ගොඩබිමට ගෙනඑන තුරු ඒවා අතුරුදන් වූ යානයේදැයි නිශ්චිතව කිව නොහැකි බව බලධාරින් කියයි.

