(හර්ෂණ තුෂාර සිල්වා.ඡායාරූප-ජයමාල් චන්ද්‍රසිරි)
ඉදිරියටත් ධීවර අමාත්‍ය ධුරයේ කටයුතු කිරීමට අකැමැත්තක් නැති බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස තමන් විශාල වැඩ කොටසක් කළ බවත් කිසිදු අමාත්‍යාංශයක් නොකළ පරිදි ජාතික ධීවර ප්‍රතිපත්තියක් සැකසීමට දැනටමත් පියවර ගෙන ඇති බවත් ඒ මහතා කියයි.
තංගල්ල ආසනයට ධීවර අමාත්‍යධූර තුනක් තිබීම ගැටලුවක් වී ඇත්නම් ධීවර කැබිනට් අමාත්‍යධුරයේ වෙනසක් කිරීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් දිනෙක හම්බන්තොට පැවැති උත්සවයකට සහභාගී වෙමින් පැවැසීය.
මීළඟ ඇමැති මණ්ඩල සංශෝධනයේදී ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයට අලුතින් ආයතන කිහිපයක් එක්වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
මේ අනුව පරිසර අමාත්‍යාංශය යටතේ පවතින වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් නිපුණතා හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ධීවර සහ නාවික ඉංජිනේරු ආයතනයත් (සාගර විශ්ව විද්‍යාලය) ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය යටතට පැවරෙනු ඇත.

