(උපාලි ආනන්ද)
විදේශීය පුහුණුවක් සදහා සුදුසු සෞඛ්‍ය නිළධාරීන් තෝරා නොගෙන හිතුවතුන් තෝරා ගත්තැයි අධිකරණය හමුවේ පවරා ඇති නඩුව ඉල්ලා අස්කර ගන්නා බව පෙත්සම්කාර පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියා සහ අනුරාධපුර දිස්ත‍්‍රික් ආහාර හා ඖෂධ පරික්ෂකවරයා අධිකරණයට දැන්වීය.
මෙම නඩුව උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා හමුවේ කැදවූ අවස්ථාවේ එය ඉල්ලා අස්කර ගැනිණි.
ස්වකීය පෙත්සම මගින් අධිකරණයෙන් ඇයද තිබූ ප‍්‍රධාන ඉල්ලීම් දෙක ලැබී නැති හෙයින් වෙනත් අධිකරණ ක‍්‍රියා මාර්ගයකට අවතීර්ණවීමට ඉඩ තබා ගනිමින් නඩුව ඉල්ලා අස්කර ගන්නා බවත් පෙත්සම්කරුවෝ අධිකරණයට දැන්වූහ. මෙහි වග උත්තරකරුවන් ලෙස උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු 18 දෙනෙක් නම් කර ලැබ සිටිති.

