(අංජුල මහික වීරරත්න)
පවතින වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වයේ සැලකිය යුතු අඩුවීමක් හෙට (30) සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිට්වා (Dltwah) කුණාටුව අද පෙ.ව.11.30 වන විට යාපනය සිට 80 km ඊසාන දෙසින්, අග 9.9' N සහ දේශ 80.7°E ආසන්නයේ කේන්ද්‍රගතව වී ඇත. මෙම පද්ධතිය උතුරට බරව වයඹ දෙසට ගමන් කර නොවැම්බර් මස 30 වන විට ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ තීරයට ලඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
අද රාත්‍රී උතුරු, උතුරු මැද, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැක.
සබරගමුව සහ බස්නාහිර පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
උතුරු, උතුරු මැද, මධ්‍යම සහ වයඹ පළාත් වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ හමන පැ.කි.මී. (50-60) දක්වා වන ඉතා තද සුළං සමඟ විටින් විට හමන පැ.කි.මී. (70-80) දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (50-60) දක්වා වන තරමක තද සුළං ඇතිවිය හැක.
හෙට දිනයේදී උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල ද ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිතවැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මි.මී. 50 පමණ තරමක තද වැසි ඇති විය හැක.
මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර සහ දකුණු පළාත්වලත් වැසි වාර කිහිපයක් ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැක.
උතුරු, උතුරු මැද, සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැ.කි.මී. (50-60) දක්වා වන සඳ සුළං ඇතිවිය හැක.
මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (40-50) දක්වා වන තරමක තද සුළං ඇති විය හැක.
තද සුළං මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

