ඉදිරි දිනවල නැගෙනහිරට මහ වැසි


ඉදිරි දිනවල (30දා සිට) දිවයිනේ, විශේෂයෙන් නැගෙනහිර කොටසේ, වැසි තත්ත්වය වැඩි වීම සදහා සුදුසු  වායුගෝලීය තත්ත්වයන් ගොඩනැගෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයින අභ්‍යන්තර ප්‍රදේශ වල තැනින් තැන ගිගූරුම් සහිත වැසි වර්ධනය වේ. පසුව මෙම වැසි බටහිර ප්‍රදේශ කරා පැතිර යනු ඇත.

නැගෙනහිර සහ ඌව  පළාත් වල  උදය කාලයේදී ද වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                   දිනය : 28/10/2014   

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

33

23

95

60

අපරභාගයේදී සහ සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි.

මඩකලපුව

31

25

95

75

 වැසි/ගිගුරුම් සහිත වැසි.

කොළඹ

31

25

95

70

සවස් කාලයේ සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි.

ගාල්ල

30

24

95

75

අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි.

යාපනය

31

24

95

70

උදෑසන වැසි සහ අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි.

මහනුවර

31

21

95

65

අපරභාගයේදී සහ සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි.

නුවරඑළිය

21

11

95

75

අපරභාගයේදී සහ සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි.

රත්නපුරය

33

23

95

70

අපරභාගයේදී සහ සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි.

ත්‍රීකුණාමළය

32

24

90

70

වැසි/ගිගුරුම් සහිත වැසි.

මන්නාරම

31

25

90

70

 අපරභාගයේදී සහ සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි.

 

කාලගුණ විද්‍යාඥ  (Duty Meteorologist), 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).