ඉදිරි 24 පැයේ කාලගුණය


අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ  දී දිවයිනේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

උතුර සහ නැගෙනහිර දෙසින් වන වෙරළබඩ ප්‍රදේශ වල තැනින් තැන උදය කාලයේදී ද වැසි ඇති විය හැක

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                   දිනය : 16/11/2014   

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

32

24

95

70

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මඩකලපුව

31

25

90

75

උදෑසන වැසි සහ අපරභාගයේදී / සන්ධ්‍යා කාලයේ දී ගිගිරුම් සහිත වැසි

කොළඹ

31

24

95

65

සන්ධ්‍යා හෝ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ගාල්ල

32

24

95

65

සන්ධ්‍යා හෝ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

යාපනය

31

24

95

70

උදෑසන වැසි සහ අපරභාගයේදී / සන්ධ්‍යා කාලයේ දී ගිගිරුම් සහිත වැසි

මහනුවර

28

21

95

65

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

නුවරඑළිය

20

12

95

85

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

රත්නපුරය

32

22

95

75

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ත්‍රීකුණාමළය

32

23

90

75

උදෑසන වැසි සහ අපරභාගයේදී / සන්ධ්‍යා කාලයේ දී ගිගිරුම් සහිත වැසි.

මන්නාරම

30

24

90

75

සන්ධ්‍යා හෝ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ


පෙරවරු 5.ට

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ  දී දිවයිනේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි

උතුර, නැගෙනහිර සහ දකුණු දෙසින් වන වෙරළබඩ ප්‍රදේශ වල තැනින් තැන උදය කාලයේදී ද වැසි ඇති විය හැකගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ

ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.

(2014 නොවැම්බර්  මස 15 වන දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි)

හික්කඩුව සිට මාතර හරහා හම්බන්තොට දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල සහ දිවයිනට බස්නාහිර දෙසින් වන ගැඹුරු මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි ඇති වන අතර නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ  වල ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සුළං  ඊසාන දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-30 ක් පමණ වේ.

මන්නාරම සිට පුත්තලම හරහා මිගමුව දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැ .කි.මි 50 දක්වා ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකිය. මීට අමතරව  ගිගුරුම් සහිත වැසි ඇති වන විට මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක.