ඉදිරි 24 පැයේ කාලගුණය


දිවයින අවට වායුලගෝලයේ පවතින කැළඹිලි සහගත තත්වය හේතුවෙන්  විශේෂයෙන් උතුරු  සහ නැගෙනහිර පළාත් වල  වැසි තත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේ  දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

උතුරු , උතුරු මැද සහ නැගෙනහිර පළාත් වල සහ බටහිර වෙරළබඩ ප්‍රදේශ වල උදය කාලයේදී ද වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                   දිනය : 12/11/2014   

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

33

23

95

60

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මඩකලපුව

31

23

95

70

වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.

කොළඹ

30

24

90

65

උදෑසන වැසි සහ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි

ගාල්ල

30

24

90

70

උදෑසන වැසි සහ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි

යාපනය

30

22

90

70

වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.

මහනුවර

29

20

95

65

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

නුවරඑළිය

22

10

95

60

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

රත්නපුරය

32

22

95

65

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ

ත්‍රීකුණාමළය

31

23

95

70

වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.

මන්නාරම

30

25

90

70

වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.

පෙරවරු 5ට

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට සුදුසු වායුගොලීය තත්වයක්  පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දිවයින අභ්‍යන්තර ප්‍රදේශයන්හි තැන් තැන් වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනයවී පසුව එම වැසිs බස්නාහිර සහ වයඹ  පළාත් කරා  පැතිර යයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.

නැගෙනහිර සහ දකුණු වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් බලාපොරොත්තුවිය හැක.

සුළං බටහිර හෝ වයඹ දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-30 ක් පමණ වේ.

නැගෙනහිර සහ දකුණු වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව රළු විය හැක.  සෙසු දිවයින වටා මුහුදු ප්‍රදේශ රළු නොවේ.  

කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist),

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).