ඉදිරි 24 පැයේ කාලගුණය


අද රාත්‍රී සහ හෙට උදෑසන :- දිවයින ආසන්නයේ ඊසාන දෙසින් වායුගෝලයේ පවතින කැළබිලි තත්වය හේතුවෙන්, උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත් වල සමහර ස්ථාන වලට ඉතා තද වැසි (මිලී මීටර් 150 කට වඩා)  ද සමඟ දිවයින පුරා වැසි හෝ ගිගුරුම් සහිත වැසි පැතිර යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

දිවයින වටා වන වෙරළබඩ ප්‍රදේශ වල තැනින් තැන උදය කාලයේදී ද වැසි ඇති විය හැක.

හෙට අපරභාගයේ දී හෝ රාත්‍රී කාලයේ

දිවයිනේ බොහෝ පළාත් වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                   දිනය : 04/11/2014   

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

29

23

95

67

වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

මඩකලපුව

30

24

88

70

වැසි හෝ ගිගුරුම් සහිත වැසි

කොළඹ

28

23

95

70

උදෑසන වැසි සහ සන්ධ්‍යා කාලයේදී හෝ රත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි

ගාල්ල

30

24

94

82

උදෑසන වැසි සහ සන්ධ්‍යා කාලයේදී හෝ රත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි

යාපනය

28

24

93

80

වැසි හෝ ගිගුරුම් සහිත වැසි

මහනුවර

28

21

96

73

විශේෂයෙන් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

නුවරඑළිය

18

14

95

80

විශේෂයෙන් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

රත්නපුරය

30

23

95

75

විශේෂයෙන් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

ත්‍රීකුණාමළය

30

23

96

75

වැසි හෝ ගිගුරුම් සහිත වැසි

මන්නාරම

30

24

90

72

වැසි හෝ ගිගුරුම් සහිත වැසි

 
----------------------------------------------------------------------------------------------------------------------------
 
 

තද සුළං ,තද වැසි සහ  මුහුදු රළු වීම පිළිබඳ  කාලගුණ නිවේදනය.

 

දිවයින ආසන්නයේ ඊසාන දෙසින් වායුගෝලයේ පවතින කැළබිලි තත්වය හේතුවෙන්, උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත් වල සමහර ස්ථාන වලට ඉතා තද වැසි (මිලී මීටර් 150 කට වඩා)  ද සමඟ දිවයින පුරා වැසි හෝ ගිගුරුම් සහිත වැසි පැතිර යයි.  

දිවයිනට නැගෙනහිර දෙසින් බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් යාපනයේ සිට ත්‍රීකුණාමළය සහ මඩකළපුව හරහා ගාල්ල දක්වා වන  මුහුදු ප්‍රදේශ වල ක්ෂණිකව සුළං වේගය ඉහළ යාමට ඉඩ  ඇති  අතර එවිට එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතී.  දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි තව දුරටත් පවතී.

ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.

(2014 නොවැම්බර්  මස 03 වන දින මධ්‍යාන 1200  ට නිකුත් කරන ලදි)

නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශ වල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින වටා  වන සෙසු මුහුදු ප්‍රදේශ වල ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සුළං වයඹ දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-40 ක් පමණ වේ.

දිවයිනට නැගෙනහිර දෙසින් බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් යාපනයේ සිට ත්‍රීකුණාමළය සහ මඩකළපුව හරහා ගාල්ල දක්වා වන  මුහුදු ප්‍රදේශ වල ක්ෂණිකව සුළං වේගය ඉහළ යාමට ඉඩ  ඇති  අතර එවිට එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතී. 

ගාල්ල සිට හම්බන්තොට සහ පොතුවිල්  හරහා ත්‍රීකුණාමළය දක්වා වන  මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට  සෙසු මුහුදු ප්‍රදේශ ද තාවකාලිකව රළු විය හැක.  

කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist),

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).