නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය සංවිධානය කරන ලද ‘ජාතික ඉදිකිරීම් සම්මාන 2016‘ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී අද (19) පැවැත්විණි.
මෙරට විශිෂ්ඨ ගොඩනැගිලි සහ මංමාවත් ඉදිකිරීමට දායක වූ රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ තොරාගත් ඉදිකිරීම් ආයතනය සඳහා විශේෂ ඇගයුම් සම්මාන ජනාධිපතිවරයා අනිත් පිරිනැමිණි.
නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස සහ නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්ඩාරනායක මහත්වරු ද සහභාගී වූහ.




