ඉත‍ාලි හොර පාර කටුනායකදිම අහුවේ


ව්‍යාජ වීසා භාවිතා කරමින් ඉතාලියට යාමට උත්සහ කළ  උතුරේ තරුණයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින්   අත් අඩංගුවට ගනු ලැබීය.

සැකකරු යාපනය චුන්නාකම් ප්‍රදේශයේ පදිංචි  22 හැවිරිදි තරුණයෙකි.

ඔහු  ඕමාන් ගුවන්සේවයට අයත් ඩබ්ලිව්.වයි 372 දරණ ගුවන් යානයෙන් මස්කට් හරහා ඉතාලියට යාමට කටුනායකට පැමිණ ඇත. එම අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට ලැබුන ඔත්තුවත් මත සැකකරු  පරීක්ෂා කිරීමේදී  ඔහු ලග තිබී ඉතාලි ව්‍යාජ වීසා පතක් සොයාගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මේ පිළිබඳව විමර්ශණ සිදු කිරීමෙන් අනතුරුව සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.