ඉතිරිටික සපුරන්න ලංකාව කල් ඉල්ලයි


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත්කළ විශ්වකාලීන සමාලෝචන වාර්තාව බෙදීමකින් තොරව සම්මතවිය. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩකරතියි ආදී වශයෙන් එල්ලවූ චෝදනාවලට මහින්ද සමරසිංහ ඇමතිවරයා පිළිතුරු දෙමින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සුරැකීම තවත් වර්ධනය කැර ගැනීම සඳහා කාලයක් අවශ්‍ය බවයි.

ඒ සඳහා ශ්‍රී ලංකාව ඇපකැප වී සිටි බව ද ශ්‍රී ලංකාවට දොස් කියන බොහෝ දෙනා කොටි සැහැසිකම් ගැන කතා නොකරන බව ද ඔහු කීවේය.

මේ අතර ඝාතනයට ලක්වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ සොයුරියක් ජිනීවා සමුළුවට සමගාමීව රාජ්‍යනොවන සංවිධානයකින් පවත්වන වැඩමුළුවක් ඇමතුවාය.