ඉතිරිකිරීමේ බැංකුවේ හිටපු සභාපතිට වසර 5ක අත්හිටවු සිර දඬුවම්


( නිමන්ති රණසිංහ)


හිටපු අගවිනිසුරු  ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ  ස්වාමිපුරුෂයා වු  ප්‍රදීප් සුරාජ් කාරියවසම් මහතා විසින් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිවරයා ලෙස සිටිමින්   නිතී විරෝධි අයුරින් කොටස් මිලදී ගත්තේ යැයි කියන  අල්ලස් නඩුවට අදාලව  චෝදනා 4 කට වරදකරු කරමින්  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (26)  දඩුවම් නියම කළේය.


ඔහුට ගොනුකර ඇති චෝදනා හතරට  අවුරුදු  5ක සිරදඩුවම්  නියම කළ අධිකරණය එය වසර 5 කට අත්හිටුවා  චෝදනා හතර සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ  තුනක දඩයක් නියම කළේය.


 මෙම ගනුදෙනුව  සිදු වු වහාම නැවත හැරවීම සිදු කිරීමෙන් රජයට සිදු වු පාඩුව අවම වී  තිබීම සහ  චූදිතට එරෙහිව පෙර වැරදි නොමැතිවීම හේතුවෙන්  අධිකරණය මෙලෙස දඩුවම් නියම කළේය.