
( තිළිණි ද සිල්වා)
ඉතියෝපියාවේ උතුරු කොටසේ පිහිටි යුද කලාපයක් වන ටයිග්‍රේ ප්‍රදේශයේ සිරවී සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 38 දෙනෙකු බේරා ගැනීමට හැකි වූ බව විදේශ අමාත්‍යාංශය කියා සිටී.
මෙලෙස මුදා ගනු ලැබුවේ ඉතියෝපියාවේ ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවයේ නියුතු වූ පිරිසකි.මෙම පිරිසෙන් බහුතර කාන්තාවෝ වෙති.
විදේශ අමාත්‍යාංශයේ උපදෙස් මත එරට අඩිස් අබාබා නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ඉතියෝපියාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය සමඟ සිදු කළ සාකච්ඡාවකින් පසුව මෙම ලාංකිකයන් පිරිස යුධ කලාපයෙන් මුදවා ගැනීමට හැකි වූ බවද එම අමාත්‍යාංශය කීය.
මෙම ලාංකිකයන් පිරිස සමග ඉතියෝපියාවේ ටයිග්‍රේ ප්‍රදේශයේ සිරවී සිටි තවත් රටවල් ගණනාවකට අයත් විදේශිකයන්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂිත රිය පෙළකින් එම ප්‍රදේශයේ සිට ඉතියෝපියාවේ අෆාර් ප්‍රදේශය වෙත රැගෙන ගොස්, මේවන විට සිට අඩිස් අබාබා අගනුවර වෙත රැගෙනවිත් තිබෙන බවද ඉතියෝපියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
මෙම සියලුම ලාංකිකයින් ඉදිරි දින කිහිපය ඇතුළත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවද එම තානාපති කාර්යාලය පෙන්වා දේ.
ඉතියෝපියාවේ බෙදුම්වාදී සංවිධානයක් වන ටයිග්‍රේ ජනතා විමුක්ති පෙරමුණට අයත් ප්‍රාදේශීය හමුදා ෆෙඩරල් හමුදා කඳවුරකට පහර දීමෙන් පසුව, ඉතියෝපියාවේ රජය විසින් ඉකුත් දා ටයිග්‍රේ කලාපයේ හමුදා මෙහෙයුම් ආරම්භ කරනු ලැබූ අතර එම මෙහෙයුම් අනුව මෙම පිරිස බේරා ගැනීමට හැකිවී ඇත.

