ඉතියෝපියාවේ නව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට අගනුවර වන අඩිස් අබාබා හිදී නිල වශයෙන් විවෘත කැරුණූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ඉතියෝපියාවේ නිල සංචාරයක නිරත විදේශ අමාත්‍ය මංගල සමරවීර සහ එරට විදේශ අමාත්‍ය ආචාර්ය වර්ක්නේ ගෙබෙයෙහු මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්විණි.එරට නව ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් සුමිත් දසනායක මහතා එදින රාජකාරී කටයුතු ආරම්භ කළේය.
මෙතෙක් ශ්‍රී ලංකාව එරට සමඟ ද්විපාර්ශවික සබඳතා පවත්වනු ලැබුවේ කෙන්යාවේ නයිරෝබි හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය යටතේය. ඉතියෝපියාවද මෙරට සමඟ තානාපති සබඳතා පැවැත්වූයේ නවදිල්ලියේ පිහිටි ඉතියෝපියා තානාපති කාර්යාලය සමඟය.
තානාපති කාර්යාලය අඩිස් අබාබාහි ,බෝලේ සබ් සිටි ,කෙබෙලේ හි අංක 875 දරණ ස්ථානයේ පිහිටා ඇති අතර +251-11-6154-681 හෝ +251-11-8334-175 යන දුරකථන අංකයන් ඔස්සේ හෝ +251-11-6154-785 යන ෆැක්ස් අංකයන් හෝ [email protected]යන විද්‍යුත් තැපෑල ඔස්සේ නව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා සම්බන්ධවිය හැකි බවද විදේශ කටයුතු අමාත්‍යාංශ පවසයි.
(ඡායාරූප-ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයෙනි)





