ඉතියෝපියාව සඳහා නව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් එරට අගනුවර වන අඩිස්අබාබා නුවර පිහිටවූ බව විදේශ අමාත්‍යාංශය පවසයි.
එරට නව ශ්‍රී ලංකා තානාපති සුමිත් දසනායක මහතා ළඟදීම එරට ජනාධිපතිවරයා වෙත සිය අක්ත පත‍්‍රය බාර දීමෙන් අනතුරුව එම ධූරයේ රාජකාරී ආරම්භ කිරීමට නියමිතය.
ඉතියෝපියාව හා ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත‍්‍රික සබඳතා වර්ධනය කර ගැනීම වෙනුවෙන් හා රටවල් 54 ක සාමාජිකත්වයෙන් යුතු අප‍්‍රිකා සංගමය සමඟ පවතන සබඳතා වෙනුවෙන් රජය මෙම නව තානපති කාර්යාලය පිහිටු වූ බවද එම අමාත්‍යාංශය කියයි.
නොබැඳි ජාතීන්ගේ සංවිධාන සාමාජිකයින් වශයෙන් 1972 වසරේදී ඉතියෝපියාව හා ශ්‍රී ලංකා අතර රාජ්‍යතාන්ත‍්‍රික සබඳතා ආරම්භ නරනු ලැබීය.මෙතෙක් ශ්‍රී ලංකාව එරට සමඟ ද්විපාර්ශවික සබඳතා පවත්වනු ලැබුවේ කෙන්යාවේ නයිරෝබි හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය යටතේය. ඉතියෝපියාවද මෙරට සමඟ තානාපති සබඳතා පැවැත්වූයේ නවදිල්ලියේ පිහිටි ඉතියෝපියා තානාපති කාර්යාලය සමඟය.