ඉතාලියේදී ලාංකිකයකුට පහර දීලා


ඉතාලියේ සලැර්නෝ නගරයේ වාසයකරන ලාංකිකයෙක් පසුගිය දිනෙක නගර මධ්‍යයයේ  සවස තුනට පමණ ඇවිදිමින් සිටියදීනන්නාඳුනන පුද්ගලයෙකු මුහුනට වේගවත් පහරක් එල්ලකර පලාගොස් ඇතැයි ද, බිම වැටුණු ලාංකිකයාගේ මුහුණ ඉදිමී ඇති බව ද,   රතුකුරුස සහන සේවකයන් පැමිණ ප්‍රථමාධාර දී ඔහු රෝහල් ගත කර ඇති බව ද දැනගන්නට ඇත.

වෛද්‍යවරු පවසනුයේ   ලාංකිකයා  දින හතක් පමණ ප්‍රතිකාර ගතයුතු බවයි.

  ලාංකිකයාට පහරදුන් පුද්ගලයා සොයා පරීක්ෂණ පවත්වයි.