ඉතාලියේ ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු අතර ශාන්ත ඕමේරෝහී දී ඇති වු ගැටුමකින් එස් දොන් සිසිර කැලුම් නානයක්කාර (30) පිහි ඇනුමකින් මිය ගිය බව ඉතාලී පොලීසිය කියයි.
කේ ජී උදාර චන්දිම (29) නම් තවත් ශ්‍රී ලාංකිකයෙක් පිහියද සමග අත්අඩංගුවට ගනු ලැබීය.
අසල්වැසියන් වු මේ දෙදෙනා මත්පැන් පානය කරන්නට ඇතැයිද ඉන් පසු ඇති වු ආරවුලේදී පිහියෙන් අනින්නට ඇතැයිද පොලිසිය කියයි.ඉතාලි සමාගමක සුළු සේවකයකු වු ඔහු එක් දරු පියෙකි.