ඉතාලියේ මැර ප්‍රහාරයක්


ඉතාලියේ මෙසීනා නගරයේ මන්සෝනි පාරේදී ලාංකීකයන් පිරිසක් විසින් කාන්තාවන් දෙදෙනෙකුට සහ පිරිමින් දෙදෙනෙකුට පහරදීම සම්බන්ධයෙන් සමරතුංගආරච්චිගේ චමින්ද බණ්ඩාර(34) වර්නකුලසූරිය පලකුට්ටිගේ පෝල් ලාසරස් ප්‍රනාන්දු යන දෙදෙනාව ඉතාලි පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

 එම පිරිස විසින් මෙම පහරදීම සඳහා යොදා ගත් බව කියන දම්වැල් දෙකක්, මුලුතැන්ගෙයි පිහියක්  සහ ගඩොක් බවත් පහරකෑමට ලක්වු පිරිමින් දෙදෙනා  දින අටක් ප්‍රතිකාර කිරීම සඳහා රෝහල් ගතකර ඇති බවත්  එක් කාන්තාවකගේ මොළයේ ලේ ගැලිමක් සිදුවී ඇති බවත් රෝහල් ආරංචි කියයි.