ඉතාලියේ පාතාලය මඩින්න ලැහැස්ති


ඉතාලියේ මිලානෝ නුවර ජිවත්වන සාමකාමි ශ්‍රි ලාංකිකයින්ට ලංකාවෙන් පෑන ආ පාතාල මැරයන්ගෙන් තර්ජන වෙතොත් විදේශ අමාත්‍යංශයට දන්වන්නැයි එහි ලේකම් කරුණාතිලක අමුණුගම මහතා කියයි.

ලැබෙන පැමිනිලි අනුව රෝමයේ ශ්‍රි ලංකා තානාපති කර්යාලය මගින් ඉතාලි ආරක්ෂක අංශවල සහය ලබා ගනිමින් මෙයට විසදුමක් සෙවිය හැකි බව ද ඔහු පවසයි. මෙය ආරක්ෂක අමාත්‍යංශයේ සහායෙන් කළ යුතු කරුණක් බවත් ඒ සඳහා පියවර ගැනීමට විදේශ අමාත්‍යංශයට හැකියාවක් ඇති බව විදේශ ලේකම් වරයා කියයි.

තම ගැටළු විදේශ ලේකම්, විදේශ කටයුතු අමාත්යාංශය, ජනරජ ගොඩනෑගිල්ල,කොළඹ 01, ලිපිනයට හෝ (00941) 2333450, 2446091, 2430220. යන ෆෑක්ස් අංක වලට පෑමිනිලි යොමුකළ හැක බව ද ඔහු සඳහන් කළේය.