ඉතාලියේ සිසිලි බෞද්ධ විහාරය ආසන්නයේ කටානියා බෞද්ධ විහාරය නමින් නව විහාරස්ථානයක් අද පිහිටවීමට නියමිතය.
සිසිලි විහාරාධිපති වගේගොඩ සීලානන්ද හිමියන් පැවසුවේ තමන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කර සිටියදී පන්සලේ අපකීර්තිමත් සිද්ධියක් වූ බවයි. එයට වගකිවයුතු පුද්ගලයා පන්සලෙන් ඉවත් කල බවත් ඒ සිද්ධියට තමන් වහන්සේගේ කිසිම සම්බන්ධයක් නැති බවත් පැවසූහ. එවැන්නක් ඇතැයි ඔප්පු කළහොත් තමන් වහන්සේ පන්සලෙන් ඉවත් වී ශ්‍රී ලංකාවට වැඩම කරන බවත් ඒ හිමියෝ පැවසූහ.
මෙවැනි අවස්ථාවලදී දායකයන් නොබෙදී තීරණ ගැනීම වැදගත් බවද විහාරස්ථානයේ දායක සභාව යලි එකමුතු වී පන්සල පවත්වාගෙන යාම සදහා සහය දෙන ලෙස තමන් වහන්සේ ඉල්ලා සිටින බවද පැවසූහ.
මල් ආසන සාදන්නේද, එය කඩා දමන්නේද මිනිසුන් වන අතර මිනිසුන් නොමැතිව ආගමක් ධර්මයක් නොපවතින බව ද මිනිසුන් සමග ක්‍රියා කිරීමේදී යතිවරු කල්පනාකාරී විය යුතුයැයි ද ඉතාලියේ ප්‍රධාන සංඝනායක රෝම ධර්මාශෝක විහාරාධිපති දඹදෙණියේ ධම්මාරාම හිමියෝ කීහ.