ඉතාලියේ අනතුරකින් ලාංකිකයෙක් මරුට


ඉතාලියේ බෙර්ගමෝ නගරයේදි  සිදු වු රිය අනතුරකින් ශ්‍රි ලාංකිකයකු මිය ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ බෙර්ගමෝ නගරයේ පදිංචි ව සංජීව ප්‍රදීප් ප්‍රනාන්දු නැමති 45 හැවිරිදි දෙදරු පියෙකි.

පෞද්ගලික අවශ්‍යතාවක් වෙනුවෙන් පාපැදියකින් ගමන් කරමින් සිටියදි එම දෙසටම ධාවනය වෙමින් තිබු විශාල ලොරි රථයක ගැටි මෙම අනතුර සිදුව ඇති බව බෙර්ගමෝ රථවාහන පොලිසිය මාධ්‍යට පැවසීය,

අනතුරින් බරපතල තුවාල ලබා සිටි සංජීව ප්‍රදිප් මහතා හදිසි ප්‍රතිකාර ගිලන් රථ එම ස්ථානයට ළඟවන විටත් මියගොස් ඇති බව පොලිසිය පැවසීය, මියගිය සංජිව ප්‍රදිප් මහතා මාරවිල ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර වසර 20 ට අධික කාලයක සිට තම පවුලේ සමාජිකයන් සමග රැකියාව කරමින් ඉතාලියේ ජිවත් වු අයෙකි, බෙර්ගමෝ රථවාහන පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කරයි,