ඉතාලියේ කොන්සියුලර් ජංගම සේවා සති අග


ඉතාලියේ  ශ්‍රි ලංකා  තානාපති  කාර්යාලය මගින්  සංවිධානය කරනු  ලබන කොන්සියුලර්  ජංගම සේවාව ජුනි  මස 20 දා  සෙනසුරාදා  පෙ.ව.8.30 සිට  දවස  පුරා  හා 21 වැනි ඉරිදා පෙ.ව. 8.30  සිට ප.ව. 2.30 දක්වා බ්‍රෙෂියා නගරයේ  දී  පැවැත්වීමට  කටයුතු  යොදා ඇත.

නව ගමන්  බලපත්‍ර  සඳහා  අයදුම් කිරිම, තාවකාලික ගමන්  බලපත්‍ර සඳහා  අයඳුම්  කිරිම,දරුවන්ගේ  උප්පැන්න ලියාපදිංචි කිරිම, රියදුරු බලපත්‍ර  සඳහා  අයදුම්  කිරිම, පොලිස් නිෂ්කාශන වාර්තා  සඳහා  අයදුම් කිරිම වැනි දෑ  ඉටු  කරගත හැකි බව කොන්සියුලර් ජංගම  සේවාව පවසයි.