ඉතාලියේ සිට හදිසියේ ආ බව කියන බිරියට ලුණුවිල දී වෙඩි තබා පිහියෙන් ද ඇන මරා දැමූ බව කියන සැමියකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මියගිය කත දෙදරු මවකි. ඔවුන් අතර කළක් තිස්සේ ආරවුලක් පැවති බවත් ඉතාලියේ දී දෙදෙනා වෙන්ව ජීවත්ව සිටි බවත් දෙදෙනා වෙන වෙනම ලංකාවට පැමිණ ඇති බවත් පොලිසිය කියයි. ඉතාලියේ නිෂ්පාදිත ගිනි අවියක් ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

